ඔබ නිවැරදි ඇදුම ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කරනවා නම්, ප්‍රහාරයක් ඇතිවීමේ අවස්ථාවක් විශාල වශයෙන් අඩුවේ. අවම වශයෙන් වසරකට වරක් වත් ඔබගේ වෛද්‍යවරයා හෝ හෙද නිලදාරී මුණ ගැසී රෝගය පරික්ෂා කර ඔබගේ අදුම ප්‍රතිකාර ගැන සාකච්චා කරන්න.

ඇදුම ප්‍රහාරයේ ලක්ෂණ

ඇදුම ප්‍රහාරය ඇති විය හැකි සංඥා:

  • ඔබේ රෝග ලක්ෂණ එන්න එන්නම නරක අතට හැරෙනු ඇත (කැස්ස, හුස්ම හිරවීම, පපුවේ මහන්සිය (ඇදුම) හෝ පපුවේ තද ගතිය
  • ඔබගේ නාශක ඉන්හේලරය (සාමාන්‍යයෙන් නිල් පාට) උදව් වන්නේ නැත
  • කෑම ගන්නා විට, කතා කරණ විට, සහ නිදා ගන්නා විට ඔබට හුස්ම ගැනීම ගොඩක් අපහසු වෙනවා
  • ඔබගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වෙන අතර ඔබට දැනෙනවා හුස්ම ගැනීමට අපහසු බව
  • ඔබේ උච්ච ප්‍රවාහ ළකුණ (Peak flow) සාමාන්‍ය අගයට වඩා අඩුය
  • පපුවේ වේදනාව සහ උදරයේ වේදනාව ගැන සමහරවිට දරුවන් ද පැමිණිලි කරනවා

රෝග ලක්ෂණ හදිසියේම ඇති නොවේ. ඇත්ත වශයෙන්ම මෙම රෝග ලක්‍ෂණ බොහෝ විට පැය කීපයකින් හෝ දින කීපයකින් සෙමින් මතු විය හැක.

ඔබ ඇදුම ප්‍රහාරය ඇති නම් කුමක් කළ යුතුද

ඔබ ඇදුම ප්‍රහාරය ඇති බව සිතන්නේ නම්, ඔබ:

  1. කෙලින් ඉඳ ගන්න (ඇල වෙන්න එපා) හෙමින් ස්ථාවර හුස්මක් ගැනීමට උත්සහ කරන්න. සන්සුන්ව සිටීමට උත්සාහ කරන්න. කලබල වීමෙන් දේවල් නරක අතට පත් වෙනු ඇත.
  2. ඔබගේ සහනය සළසන ඉන්හේලරයෙන් තත්ත්පර 30 සිට 60 දක්වා කාලයක් දිගු ආශ්වාසයක් ගන්න. ඔබට හුස්ම ගන්න පහසු වනතුරු උපරිම 10 පමණක් මෙම නිල් පැහැ ඉන්හේලරය වරකට පාවිචිචි කල හැක.
  3. ඔබගේ නිල් පැහ ඉන්හේලරය 10 වතාවක් පාවිචිචි කලත් සුවයක් නොදෙනේ නම් හෝ බයක් හිතේ නම් හෝ ඉන්හේලරයක් නොමැති නම් ගිලන් රථයක් ගෙන්වාගෙන රෝහලට යන්න.
  4. ගිලන් රථය විනාඩි 15 ක් ඇතුළත නොපැමිණි නම්, නැවතත් නිල් ඉන්හේලරය පෙර කල පරිදිම අශ්වාශ කරන්න.

හදිසි අවස්ථාවල දී උපකාර ඉල්ලා සිටීම ගැන බිය නොවන්න. හැකි නම් රෝහලට ඔබේ ඖෂධ පිළිබඳ විස්තර ලබා දීමට උත්සාහ කරන්න. ඔබගේ රෝග ලක්ෂණ පහව ගියේ නම් හෝ හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නොවුනි නම් එදිනම වෛද්‍ය වරයකු හෝ ඇස්මා හෙද නිලධාරි මුණගැසෙන්න.

ඇදුම ප්‍රහාරයකින් පසු

ඔබ රෝහලෙන් පිටව ගොස් පැය 48 ඇතුලත ඔබගේ වෛද්‍ය වරයා හෝ හෙද නිලදාරි මුණ ගැසිය යුතුය. ඔබට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය නොවුනේ නම් එදිනම වෛදවරයා හෝ හෙද නිලධාරී හමු විය යුතුය. ඇස්මා ප්‍රහාරයක් සඳහා ප්‍රතිකාර ගත් සෑම හය දෙනෙකුටම එක් අයෙක් නැවත සති දෙකක් ඇතුලත රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වේ. එබැවින් අනාගත ප්‍රහාරයන්ගේ අවදානම අවම කරගත හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් ය. ඔබේ සෞඛ්ය තත්වය යහපත් ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය විය හැකි වෙනස්කම් පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හෝ හෙදිය සමඟ කතා කරන්න. නිදසුනක් වශයෙන්, ඔබේ ප්‍රතිකාරයේ මාත්‍රාව වෙනස් කිරීමට හෝ ඔබේ ඉන්හේලරය නිවැරදිව භාවිතා කළ යුතු ආකාරය පෙන්වා දිය යුතුය.

ඇදුම ප්‍රහාරයෙන් වැලකීම

ඇදුම ප්‍රහාරය ඇති වීමේ අවදානම අවම කර ගැනීමට පහත පියවර අනුගමනය කරන්න:

  • නියමිත පරිදි ඔබේ ඖෂධ ලබා ගන්න
  • ඔබගේ වෛද්‍ය වරයා හෝ ඇදුම හෙදියන් සමඟ රෝග තත්වය නිතරම බලවා ගත යුතුය. - මේවා අවම වශයෙන් වසරකට වරක් කළ යුතුය
  • ඔබගේ වෛද්‍යවරයා හෝ ඇස්මා හෙද නිලධාරී හමුවී ඔබ ඉන්හේලරය නිවැරදිව පාවිච්චි කරනවා ද යන්න පරීක්ෂා කරවා ගන්න
  • හැකි සෑම අවස්ථාවකදීම ඔබේ රෝග ලක්ෂණ මතු වන දේ වලක්වා ගන්න

ඔබගේ රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා. ඒවා වැඩි වෙනවා නම් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වාර ගනනක් ඉන්හේලරය භාවිතා ක‍රන්න. ඔබගේ රෝග ලක්ෂණ දිගටම වැඩිවේ නම් පෙර උපදෙස් පරිධ් වෙද්‍ය වරයා හෝ ඇස්මා හෙදිය වහාම හමුවන්න .